වස ශරීර ගත වූ පියා සහ දරු දෙදෙනා රෝහලේ


(සුරංග රාජනායක සහ සුදත් එස්.කුමාරසිරි)

ගම්පොල පෙරට්ටාසි  මේමලේ කොටසේ පියකු ඔහුගේ 12 හැවිරිදි හා දාසය හැවිරිදි දරු දෙදෙනාටද කිසියම් වස දියරයක් පොවා ඔහුද වස පානය කිරීම නිසා තිදෙනාම ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පෙරට්ටාසි පොලිසිය පවසයි.

බිරිඳ සමග වූ අමනාපයක් හේතුවෙන් මෙසේ වස පානය කරන්නට ඇතැයි පොලිසිය පොලිසිය සැකකරයි.

මොහුගේ බිරිඳ ගම්පොල නිවසක සේවය කරන අතර එම ස්ථානයට ගොස් ඇති පෙරිය සාමි නැමැති අය ඇගෙන් මුදල් ඉල්ලා අමනාපයක් ඇති කරගෙන ඔහුගේ පෙරට්ටාසි නිවසට ගිය බව බිරිඳ  පෙරෙට්ටාසි පොලිසිය වෙත පවසා තිබේ.

මේ අතර ගම්පොල පොලිසිය සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ බිරිඳගේ අනියම් සම්බන්ධයක් නිසා සැමියා දරු දෙදෙනාට වස පවා ඔහු වස පානය කර ඇති බවට ප්‍රකාශ වී ඇති බවයි .